How the Dark Side of Plastic is Coloured? – ප්ලාස්ටික් වල අදුරු පැතිකඩ වර්ණ ගන්වන්නේ කෙසේද?
අප ජීවත් වන පෘථිවි තලයේ සෑම මිනිත්තුවකට වරක්ම ප්ලාස්ටික් ඇසුරුම් මිලියනයක් පමණ ඉවතලනු ලැබේ. මෙලෙස ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හි ප්‍රතිඵල සාගර හා ගොඩබිම් පරිසරයේ ජිවි බිලියන ගණනකගේ මරණයට හේතුවන බව පැවසුවහොත් ඔබ විශ්වාස කරනවද?
මේ ආකාරයෙන් ලොවට ප්ලාස්ටික් විශාල තර්ජනයක් වීමට හේතු වී ඇත්තේ ප්ලාස්ටික් දිරාපත් වීමට දිර්ඝ කාලයක් ගත වන බැවිනි. නිදසුනක් ලෙස ඉහත සදහන් කළ ප්ලාස්ටික් ඇසුරුම් වලින් එක් ප්ලාස්ටික් ඇසුරුමක් දිරාපත් විමට අවුරුදු 20-1000 ක් අතර පමණ කාලයක් ගත වේ. එබැවින් ප්ලාස්ටික් අත්‍යාවශ්‍ය ලෝකයක ප්ලාස්ටික් අර්බුදය අවම කර ගත හැක්කේ කෙසේද යන්න මෙතැන් සිට බලමු.
“ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය” යනු ප්ලාස්ටික් අර්බුදයට මනා විසඳුමක් ගෙන දෙන පුළුල් සංකල්පයකි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කළ හැකි ක්‍රම කිහිපයක් ලෙස ප්ලාස්ටික් නැවත භාවිතය (Reuse), ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය (Recycling), ප්ලාස්ටික් බිද හෙළිම මගින් බලශක්තින් නිපදවීම (Energy recovery), ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව බැහැර කිරීම (Disposal) ප්ලාස්ටික් භාවිතය අවම කිරිම (Reduce), හා ප්ලාස්ටික් භාවිතය නතර කිරිම (Refuse) දැක්විය හැක.
ප්ලාස්ටික් නැවත භාවිතය (Reuse)
එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අඩු කිරීම වර්තමානයේ වූ ප්‍රධාන පාරිසරික අභියෝගයකි.අප දෛනික අවශ්‍යතා සඳහා විවිධාකාරයෙ වූ ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතයට ගනී. එම අවශ්‍යතා සැපිරීමෙන් පසු අප එම ප්ලාස්ටික් ද්‍රව්‍ය අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ඇත.නමුත් ඔබ මදක් සිතුවාද අප ගෙන එනු ලබන ප්ලාස්ටික් ද්‍රව්‍ය කසල ලෙස බැහැර නොකර ඒවා වෙනත් අවශ්‍යතා සඳහා නිර්මාණශීලීව නැවතත් භාවිතයට ගැනීමෙන් නිවසට පැමිණෙන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු වන බව. එසේ නම් අප ප්ලාස්ටික් නැවත භාවිත කිරීම සිදු කරන්නේ කෙසේද?
වෙළෙඳසැල් වලින් බඩු මිලදී ගැනීමේදී එකතු වන පොලිතින් බෑග් වරක් භාවිතයෙන් පසු කසල ලෙස බැහැර නොකර ඒවා නැවත භාවිතා කිරීමට යොදා ගත හැක. ජලය සිසිල් බීම ආදී විවිධ පානයන් අඩංගු බෝතල් වරක් භාවිතා කළ පසු ඒවා නිර්මාණශීලී ලෙස වෙනත් විවිධ අවශ්‍යතා සඳහා නැවත භාවිතයට ගත හැක.නිදසුන් ලෙස ප්ලාස්ටික් බෝතල් මගින් ගෙවතු වගාවන් වලදී එල්ලෙන මල් බඳුන් සැකසීමට, කුඩා පැල සිටවන පෝච්චි ලෙස ,ගෙවතු පැල වලට ජලය විදිනයක් ලෙස යොදාගත හැකි අතර පක්ෂීන් සඳහා පෝෂක ජලය ගබඩාවක් ලෙස ද යොදා ගත හැක.තවද පෑන් පැන්සල් ගබඩාකරණයක්, අලංකාරවත් ඉටිපන්දම් රඳවනයක් සැකසීමට වැනි නිර්මාණශීලී ලෙස වෙනත් ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යොදා ගත හැක. එමෙන්ම ප්ලාස්ටික් කිරි බෝතල් මගින් ලිපි ගොනු රදවනයක් සැකසීම අනෙකුත් ප්ලාස්ටික් ඇසුරුම් මගින් ධාන්‍ය, සහල්, පැස්ටා, පරිප්පු වැනි වියළි ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමට හා විවිධ වර්ණවත් බෝතල් මූඩි භාවිතයෙන් ප්ලාස්ටික් දොර තීරයන්, බිත්ති එල්ලීම් නිර්මාණ කිරීම සඳහා යොදා ගත හැක.
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය (Recycling)
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යනු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිසාධනය කර(Reprocessing) නව හා ප්‍රයෝජනවත් ප්ලාස්ටික් නිෂ්පාදන බවට නැවත සැකසීමේ ක්‍රියාවලිය වේ. මෙහිදී පරිසරයට අලුතින් ප්ලාස්ටික් එකතු වන ප්‍රමාණය අඩු වන අතර පවතින ප්ලාස්ටික් නැවත නැවතත් භාවිතයට ගැනීම සිදු වන අතර ඒ හේතුවෙන් ඉහළ ප්ලාස්ටික් දූෂණ අනුපාතය අවම කරයි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී පැන නැගෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි හා නොහැකි ප්ලාස්ටික් මොනවා ද යන්න ය. මන්දයත් සියලුම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට භාජනය කළ නොහැකි බැවිනි. ප්‍රතිචක්‍රීකරණය සිදු කළ හැකි ප්ලාස්ටික් වර්ග කීපයක් පහත දැක්වේ.
1.) PET
ලොව බහුලවම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සදහා යොදාගනු ලබන ප්ලාස්ටික් වර්ගයකි. ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් බොතල් නිපදවීම සඳහා යොදාගනු ලබන මෙම ප්ලාස්ටික් වර්ගය සාමාන්‍යයෙන් විසිතුරු භාණ්ඩ, Polar fleece cloths, back packs, brooms, carpets යනාදිය ද්‍රව්‍ය බවට ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනී. තවද PET බෝතල් ප්‍රතිචක්‍රීකරණය කර නැවත නව PET බෝතල් බවට පත් කළ හැක.
2.) HDPE
මෙය වඩාත් පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වර්ගයකි. HDPE ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ඩිටර්ජන්ට්, මෝටර් රථ තෙල්, විෂබීජ නාශක ද්‍රව්‍ය බහාලන, ආහාර නොවන ද්‍රව්‍ය ඇසුරුම්කරණ, පයිප්ප වැනි නිෂ්පාදන සාදනු ලබයි.තවත් බොහෝ අවස්ථාවලදී HDPE අඩු වටිනාකමින් යුත් නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොදා ගනියි (Down cycled). ප්ලාස්ටික් මේස, ප්ලාස්ටික් මාර්ග බාධක කණු, ප්ලාස්ටික් බංකු අනෙකුත් කල් පවත්නා ප්ලාස්ටික් නිෂ්පාදන නිපදවීමට යොදාගනී.
3.) PP – polypropylene
පොලිප්‍රොපිලීන්, ප්ලාස්ටික් ඇසුරුම් ද්‍රව්‍ය අතරින් ලොව ඉතා ජනප්‍රිය වේ. නමුත් පොලිප්‍රොපලීන් ප්‍රතිචක්‍රීකරණය දුෂ්කර හා මිල අධික වන අතර බොහෝ අවස්ථාවලදී මුල් නිෂ්පාදනයේ සුවඳ ඉවත් කිරීම දුෂ්කර වීම, ප්‍රතිචක්‍රීකරණයේදී පොලිප්‍රොපලින් සාමාන්‍යයෙන් කළු හෝ අළු පැහැයක් ගන්නා බැවින් ඇසුරුම්කරණය නුසුදුසු වේ. එහෙම නිසා පොලිප්‍රොපලීන් ප්ලාස්ටික් බංකු, වාහන වල අමතර කොටස් හා කාර්මික යෙදවුම් ද්‍රව්‍ය බවට ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනී.
ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මගින් නව ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා භාවිතා කරන බලශක්ති පරිභෝජනය අඩු කිරීමට හැකි වේ. එමෙන්ම පුනර්ජනනීය නොවන පොසිල ඉන්ධන සංරක්ෂණය කර ගැනීමට, එකතු වන ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට හැකිවිම, වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් වැනි වායු විමෝචනය අඩු කර ගැනීමට හැකිවේ. තවද ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් භූ පිරවීම් අවම වීම හේතුවෙන් පාංශු හායනය හා ජල දූෂණය වීම අවම කර ගැනීමට හැකිවිම වැනි වාසි රැසක් අත්කර ගැනීමට හැකි වේ.
සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය එකතු කිරීම (collecting), වර්ග කිරීම (sorting), ඉරා ගැනීම (shredding), සේදීම (washing), උණු කිරීම (melting), හා පෙතිකරණය (pelletizing) යන ක්‍රියාවලින්ගේ එකතුවකි. මෙය යාන්ත්‍රික ප්‍රතිචක්‍රීකරණය ලෙස ද හැඳින්වෙන නමුත් මෙම ක්‍රියාවලිය, යොදාගනු ලබන ප්ලාස්ටික් වර්ගය මත වෙනස් විය හැක. මේ ආකාරයෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන සෑම අවස්ථාවකදීම එහි ගුණාත්මකභාවය පිරිහී යයි. ප්ලාස්ටික් උණු කළ විට බහු අවයවික දාම අර්ධ වශයෙන් බිදී එහි ආතන්‍ය ශක්තිය (Tensile strength) හා දුස්රාවීතාවය (Viscosity) අඩුවන අතර එමගින් නව ප්ලාස්ටික් ද්‍රව්‍ය සැකසීමේ ක්‍රියාවලිය අපහසු වේ.මේ නිසා බොහෝ ප්ලාස්ටික් සීමිත වාර ගණනක් පමණක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. මෙහිදී සිදුවන්නේ ප්ලාස්ටික් සරල රසායනික කොටස් බවට බිඳ හෙළීම තුළින් ඉන්ධන බවට හෝ නව ප්ලාස්ටික් ද්‍රව්‍ය නිපදවීම සිදු කිරීමයි.
මෙලෙසින් ප්ලාස්ටික් යනු අපගේ එදිනෙදා ජීවිතයට ඇතුවත් බැරි නැතුවත් බැරි ද්‍රව්‍යයකි. එබැවින් මෙම දැනුම උපයෝගී කරගනිමින් ඔබත් අද සිටම ප්ලාස්ටික් නිවැරදිව කළමනාකරණයට දායකවන්න.
Reference
1. https://www.plasticsforchange.org/…/which-plastic-can-be-re…
2. https://www.thebalancesmb.com/an-overview-of-plastic-recycl…
3. https://www.bbc.com/…/a…/20210510-how-to-recycle-any-plastic
4. https://www.recyclenow.com/how-to-r…/how-is-plastic-recycled
5. https://fiercehazel.com/…/p-span-data-preserver-spaces-true…
6. https://www.fairharborclothing.com/…/30-ways-to-reuse-plast…
Written by – Sadini Chamika