ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ව්‍යවහාරික විද්‍යා විස්ථාරිත උපාධි පාඨමාලාවේ සිසුන් සංවිධානය කළ අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ වැලැක්වීමට සහයෝගය දැක්වීමේ ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡා කිරීම සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන නොවැම්බර් 29 දින ව්‍යවහාරික විද්‍යා පීඨයේ දී පැවැත්විනි.
මේ සදහා ව්‍යවහාරික විද්‍යා විස්ථාරිත උපාධි පාඨමාලාවේ සම්බන්ධීකාරක, මහාචාර්ය පහන් ගොඩකුඹුර ගුරු මෑණියන්, මහාචාර්ය M.A.B. ප්‍රශාන්ත ගුරු පියාණන්, ආචාර්ය දුලාන් ජයසේකර ගුරු පියාණන්, සහ ආචාර්ය සදලි දිසානායක ගුරු මෑණියන් සහභාගි විය. එසේම වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවි රක්ෂිත මෙහෙයුම් අධ්‍යක්ෂක මංජුල අමරරත්න මහතා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර, හුස්ම සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති මහේෂ් කැලුම් මහතා එදින සම්පත් දායකත්වය සැපයීය. මේ සඳහා සහයෝගය දැක්වූ සියලූම දෙනාට ම අපගේ ගෞරව පූර්වක ස්තුතිය මෙයින් පුදකර සිටිමු.