ඒකදෙශින්ට සරණ ස්වදේශිකයින් මිස අන් කවරකුද?

eka
Article no-14
Nayanaththara sapugoda

සොබාදම් දිනිතිය යදින කලක මිනිසාට සිතෙනු ඇත දියුණුව යනු පරිසරයෙන් ඈත්වීම නොව පරිසරය රැකගෙන යා යුතු ගමනක් බව.කෙසේ නමුත් දූපත් වාසීන් වශයෙන් ඉහල ජෛව විවිධත්වක් පූරැවේ පිනට ලාංකිකයන්ට පහල වී ඇති හැඩයි.

ආවේණික සත්ත්ව විශේෂ අපේ පරම්පරාව මෙනි.අතීතයදී මෙන්ම වර්තමානයදී ඔවුනට අපට සමාන අයිතිවාසිකමක් මේ භූමියට සතුය.ලංකා ධරණීතලය සලකා බැලූවිට සිටින ආවේණික ජීවීන් අතරින් වඳවීමට ලක්වීමේ වැඩිම අවධානම ඇත්තේ උරගයන්ටය.උභයජීවීහු ,පක්ෂීහු,ක්ෂීරපායින්,මත්ස්‍යයින්ද මේ අනුපිලිවෙලට අවධානම් කලාපවලය.

කඳුකර මූකලන් තෙලිස්සා,පුල්ලි දත්කැටියා යනාදියකු ඔබ නිවෙසට පැමිණියහොත් ඔබේ සංග්‍රහය කෙබදුද?ඔවුන්ද මෙරටට ආවේණිකය. ආරච්චිල,මුදියන්සේලා යනාදියවුන් සේමය.මෙරටට ආවේණික උරග විශේෂ 122ක් හදුනාගෙන ඇති අතරවඳවීමේ තර්ජනයට 39ක් මුහුණදීමට හේතු අමුතුවෙන් කිවයුතු නොවේ.

ආවේණික උභයජීවී විශේෂයන්ද මෙරටට හිඟයක් නැත.සීයට ටිකක් අඩුය.නමුත් 20ට ආසන්න ගනනක් වඳවූවන්ය.2015 වසරදීද ආවේණික විශේෂ හඳුනාගෙන ඇත.පෙනෙන හැටියට බහුතරය ගෙම්බන්ය.දාස්ගේ කුරුගෙම්බා,මහනුවර කුරුගෙම්බා යනාදීන් ඔබද දැක තිබෙන්නට පුලුවන.ගෙම්බා වුවත් ඒකදේශිකය.

පක්ෂීන් ගත්කල 30කට අධිකය.ජාත්‍යන්තර සංරක්ෂණ ආයතනයේ රතු ලැයිස්තුව(IUCN) කියන ආකාරයට අප බොහෝ සේ දන්නා අයත් මීට ඇතුලත්ය.ශ්‍රී ලංකා මයිල පරවියා,බට ඇටි කුකුලා(cenrtopus chlororhynchos) ද ඇතුලත් වීම සංවේගයට කරැණකි.

ආවේණික ක්ෂීරපායින් 18ක්ද ,මත්ස්‍යයින් 50ක් පමණද මෙරට ජීවත් වෙති.ඔවුන් ගැන එතරම් අවධානමක් නොවුනද නාගරීකරණය,අපද්‍රව්‍ය කලමණාකරණය යනාදිය අප නොසැලකිලිමත්ව කලහොත් සොබාදහම නඩු අසන දිනක වන්දි ගෙවීමට මුතු ඇටයේ දූපත්වාසීන්ට සිදුවනු ඇත.

 eka

You may also like...